27 April 2024
#දේශීය

ග්‍රාමීය මට්ටමින් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයනවා – ඇමැති දිනේෂ්

ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ආරම්භ කර ඇති ” ග්‍රාමීය මට්ටමින් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ” 4 වන හා 5 වන අදියරයන් ඉදිරියට ගෙනයන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවෙ අද (04) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානියේ ණය පහසුකම් යටතේ මෙම ව්‍යාපෘතියේ 04 වන අදියරේ අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇතත් ණය ගිවිසුම්වල කටයුතු අවසන් නොමැති නිසා ප්‍රමාදයක් මතුව තිබුණද, එම අදියර ඉදිරියට ගෙනයන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම නෙදර්ලන්ත ණය පහසුකම් යටතේ තවත් පාලම් 200 ක් ඉදි කෙරෙන 5වන අදියරද ඉදිරියට ගෙනයන බවද ඔහු කිය.

රට මුහුණ දෙන ණය අර්බුදය නිසා යම් ප්‍රමාදයන් මතුව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *