27 April 2024
#දේශීය

මාතලේ පොල් කඩන්නන්ගේ හිගය නිසා ගැටලු රැසක්

මාතලේ දිස්ත්‍රික්කයේ වගාකර ඇති පොල් වතු ආශිත්‍රව පොල් කඩන්නන්ගේ හිගය හේතුවෙන් පොල් වගාකරුවෝ අපහසුතාවයට පත්ව සිටියි.

නිවෙස්වල මෙන්ම වගාවන් සිදු කොට ඇති කුඩා හා මධ්‍ය පාරිමාණ වතුවල මෙසේ ‍අස්වනු නෙලිම සදහා පොල් කඩන්නන්ගේ හිගය හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

දෛනකව එම කාර්ය ඉටු කිරිම සදහා අලුතින් කිසි කෙනෙක් එක් නොවන තත්වයන් තුළ මෙසේ ඔවුන් දැඩි ගැටලුකාරි තත්වයකට පත්ව තිබේ.

පොල් කැඩිම සදහා එක් ගසක් සදහා රුපියල් 170ක් 200ක් අතර මුදලත් අය කරන අතර ඇතමෙක් එක් ගසක් සදහා පොල් ගෙඩි දෙකක් ලබා ගනිමින් මෙම කාර්යේ නිරත වෙයි.

මේ වන විට මෙම පොල් කඩන්නන්ගේ හිගය හේතුවෙන් වතුවල සිය අස්වැන්න නෙලිම සදහා මේ වන විට ගැටළුකාරි තත්වයක් බවට පත්ව ඇති බවද පොල් වගාකරුවෝ කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ වතුවල පොල් වතු හා ගෘහාශ්‍රිතව ඇති පොල් ගස්වල අස්වනු නෙලිම සදහා ඇති බාධා හේතුවෙන් පොල් දඩු ලේනුන් සහ රිලවුන්ගේ හානිය සිදුව ඇති බවද පොල් වගාකරුවන් කියයි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *