27 April 2024
#දේශීය

මාරක රිය අනතුරින් 21 හැවිරිදි තරුණයා මරුට

කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ ඊයේ (30) පස්වරුවේ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙනු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

කෑගල්ල පොලිසිය පැවසුවේ බුලත්කොහුපිටිය දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළි ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු හා පසු පැදිකරු කෑගල්ල රෝහලට ඇතුලත් කිරිමේදී පැදිකරු මිය ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 21 ක් වු හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරිරය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *