• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසංගතයෙන් අසරණව සිටින දිවයිනේ පැළ තවාන්කරුවන්ට පරිසර අමාත්‍යාංශයෙන් සහන රැසක්

16 September 2021
in දේශීය

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පැළ අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටින පැළ තවාන්කරුවන් සඳහා සහන රැසක් සැළසීමට තීරණය කල බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ පැළ තවාන්කරුවන් විශාල පිරිසක් තමන් වවා ඇති පැළ අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටින බව එම තවාන්කරුවන් විසින් තමන්ට පැමිණිළි කර ඇති බවයි.

මේ නිසා එම පැළ තවාන්කරුවන් රැක ගැනීමේ අරමුණින් වැඩ පිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

පරිසර අමාත්‍යාංශය විසින් දිවයින පුරා රුක්ගහණය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ පිළිවෙළ යටතේ පැළ රෝපණය කිරීමේ කටයුතු දෙවන අදියර ඉදිරි මහ කන්නයේ වැස්ස ආරම්භ වීමත් සමග සිදු කළ හැකිය. එමනිසා රුපියල් මිලියන 10ක වියදමින් පැළ තවාන්කරුවන් වෙතින් පැළ මිල දී ගැනීමටත්, ඒවා මහජනතාවට තම ගෙවතුවල රෝපණය සඳහා නොමිලේ බෙදා හැරීමටත් තීරණය කළේය.

මෙහිදී පලතුරු වැනි ආහාරමය වටිනා කමක් සහිත පැළ වර්ග මෙන්ම දැවමය වටිනාකමක් සහිත පැළ ද බෙදා හැරීමට නියමිතය.

එමෙන්ම පැළ තවාන්කරුවන් 300ක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය ලීටර් 2000 ජල ටැංකි, වතුර මෝටර් හා ඊටඅවශ්‍ය වෙනත් උපාංග කට්ටලයක් බැගින් නොමිලේ ලබා දීමටත් තීරණය කළේය. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 50කි.

මීට අමතරව දිවයින පුරා තවත් පැළ තවාන් 650ක් අලුතින් ආරම්භ කිරීමටත් ඒ සඳහා එක් තවාන්කරුවෙකුට රුපියල් ලක්ෂ 03ක ආධාර මුදලක් බැගින් ලබා දීමටත් නියමිතය. මෙම කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නිර්දේශය හා අධීක්ෂණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ වසරක් තුළ පැළ ලක්ෂ 15ක් අලුතින් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශයට හැකි වී තිබේ. ඒ සඳහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර ඊට පැළ ලබා දෙමින් දායකත්වය සැපයූ පැළ තවාන්කරුවන් රැක ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Post Views: 11
Previous Post

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට -සෞඛ්‍ය ඇමැති

Next Post

මධ්‍යම පලාතේ සංවර්ධන ඉලක්කය වසර තුළ අවසන් කරන බව ආණ්ඩුකාර ලලිත් කියයි

editor

editor

Next Post

මධ්‍යම පලාතේ සංවර්ධන ඉලක්කය වසර තුළ අවසන් කරන බව ආණ්ඩුකාර ලලිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved