27 April 2024
#දේශීය

පළුදු වු බිත්තර රැසක් මාතලේ වෙලෙඳසැලක තිබි සොයා ගැනේ

පාරිභෝගික ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අනුව මාතලේ නගර සිමාවේ පවතින හෝටල් සහ ආහාර අලෙවි සැල් හදිසි පරික්ෂාවට ලක් කරන බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

වැඩිදුරටත් කොමසාරිස්වරයා කියා සිටියේ නගරයේ මස් සහ බිත්තර අලෙවි සැල් ඇතුලු අනෙකුත් ආහාර අලෙවි සැල්වලින් කල් ඉකුත්වු ආහාර ද්‍රව්‍ය සහ පරිභෝජනයට නුසුදුසු තත්වයේ පවතින දේවල් අලෙවි කරන බවට පැමිණිලි ලැබි ඇති බවත් නාගරික සෞඛ්‍ය අංශය මගින් වැටලිම් අඛණ්ඩව සිදු කරන බවය.

පසුගියදා අලුවිහාර ප්‍රදේශයේ වෙළදසැලකින් ආනයනය කරන ලද බිත්තර තොගයක පළුදු වු බිත්තර රැසක් අලෙවි කිරිමට තිබියදි සොයා ගත් බවද කොමසාරිස්වරයා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *