27 April 2024
#ව්‍යාපාර

INSEE සිමෙන්ති, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර නායකත්වය වෙනුවෙන් හරිත සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති විසින්, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර භාවය සහ නව්‍යතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දක්වන ලද දායකත්වය සහ කැපවීම අගයමින් නැවත වරක් සම්මානයට පාත්‍ර විය.

ඒ අනුව පසු ගිය දා කොළඹ දී පැවති 11 වැනි ලෝක ඉදිකිරීම් සමුළුවේ දී (WCS), INSEE සිමෙන්ති ගෙන එන ප්‍රමුඛතම සන්නාම දෙකක් වන INSEE Sanstha සහ INSEE Extra, හරිත සම්මානවලින් පිදුම් ලැබීය. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට INSEE සිමෙන්ති දරණ ආයතනයේ කැපවීම මෙම සන්නාමය මගින් තහවුරු කෙරුණු බව පැවසිය හැකිය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය සහතික කරමින්, පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරනු ලබන ආයතන ඇගයීමට ලක් කිරීමේ අරමුණින්, Ceylon Institute of Builders (CIOB) විසින් සංවිධානය කරනු ලබන ලෝක ඉදිකිරීම් සමුළුවේ (WCS) මෙවර තේමාව වූයේ ‘ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ තිරසාරභාවය සඳහා නායකත්වය’ යන්නයි.

මෙවර සම්මාන උළෙලෙහි දී INSEE සිමෙන්ති සමාගම CIOB හරිත සම්මාන දෙකක් දිනා ගත් අතර, එහි දී INSEE SANSTHA වෙත රන් සම්මානත්, INSEE EXTRA වෙත රිදී සම්මානයත් හිමි විය.

CIOB හි හරිත සම්මාන වැඩසටහන තිරසාරත්වය තහවුරු කරන සුවිශේෂී නවෝත්පාදන සහ නායකත්වය ප්‍රදර්ශනය කළ පුද්ගලයන්, සංවිධාන සහ නිෂ්පාදන/පද්ධති පිළිගැනීම අරමුණු කරමින් සංවිධානය කෙරෙන අතර, පාරිසරික සංරක්ෂණය, සාමාජීය වගකීම සහ ආර්ථික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති ඇගයීමට ලක් වූයේ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත විශිෂ්ට ආදර්ශයක් සපයමිනි.

මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා පැවසුවේ, “ ජීවිතය වෙනුවෙන් ගොඩනැඟීමේ දී මූලිකව අවධානය යොමු කළ යුතු වන්නේ තිරසාර ව ගොඩනැඟීම වෙතයි. එම නිසා මෙම සම්මානය හිමිකර ගැනීම අපට මහත් ගෞරවයක්. පාරිසරික, සාමාජීය සහ පාලන යන ක්ෂේත්‍ර හරහා අපි තිරසාරත්වය වෙනුවෙන් කැප වෙනවා. තිරසාර නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීමට අමතර ව අරවක්කාලු ප්‍රතිසංස්කරණ කටයුතු වැනි දිගු කාලීන මෙන් ම අඛණ්ඩ ව්‍යාපෘති කිහිපයක් අප සතු යි. ඊට අමතරව INSEE Ecocycle ව්‍යාපෘතිය හරහා අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. අපගේ තිරසාර ඉලක්ක සඳහා තව තවත් කැප වීමට මෙවැනි සම්මාන මහත් ශක්තියක්.” යනුවෙනි.

CIOB හරිත සම්මාන උළෙලේ දී INSEE සිමෙන්ති ඇගයීමට ලක් වීම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛයෙකු ලෙස එම සමාගමේ ස්ථාවරය යළි තහවුරු කරයි. තිරසාර භාවිතයන් සඳහා INSEE කැපවීම පරිසරයට පමණක් නොව, ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධියට ද මනා දායකත්වයක් සපයයි.

පිටපත -PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *