• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් – සභාපති කංචන

27 April 2021
in ක්‍රීඩා

මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සහ ඉදිරි කාලවකවානුව තුලදී වැදගත් වූ තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වොලිබොල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

එමෙන්ම මෙරට වොලිබොල් ක්‍රීඩාවේ ව්‍යාප්තිය පිළිබදව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජාතික සංගණනයක් සිදු කර මෙරට ඇති වොලිබෝල් සමාජ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා පිටි සංඛ්‍යාවන් පිළිබද තොරතුරු ලබාගැනීමට නියමිතය.

ඒ අනුව දිවයින පුරා සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයාගැනීම සදහා වූ වැඩපිළිවෙළක අඩුවක් දක්නට ලැබෙන බැවින් “දක්ෂයින් සොයා යෑමේ” (Talent Hunt) යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒකාබද්ධව දිස්ත්‍රික් වොලිබෝල් පුහුණූ සංචිත ආරම්භ කර කණිෂ්ඨ හා යොවුන් තරඟමාලා පවත්වමින් වසර 02 කට වරක් වත් ආසියානු තරඟාවලි පැවැත්වීවෙනු ඇති.

මෙහිදී විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් බීච් වොලිබෝල් සහ ගෘහස්ථ වොලිබෝල් තරඟාවලි 02 ක් වාර්ෂිකව පැවැත්වීමට ද තීරණය කර ඇත.

තවද වෙරළ වොලිබෝල් ද ඇතුලුව පුහුණුකරුවන් සහ විනිශ්ච්‍යකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට පියවර ගනිමින් ඔවුන් ලියාපදිංචි කර හැදුනුම් පත් නිකුත් කිරීමට ද නියමිතය. ජාතික වොලිබොල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුකරුවන්ට හා විනිශ්ච්‍යකරුවන්ට උපහාර පිදීමේ උත්සව සංවිධානය කිරිමට ද නියමිතය.

1951 වර්ෂයේ වොලිබෝල් සම්මේලනය ආරම්භ කළ දින සිට ඡ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ, යොවුන් කණ්ඩායම් නියෝජනය කළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු ද ඇතුළුව පුහුණුකරුවන් / විනිශ්ච්‍යකරුවන් / පරිපාලකයින් හා ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව හා බැදුනු විශේෂ සිද්ධීන් ඇතුලත් කර වොලිබෝල් දත්ත මධ්‍යස්ථානයක් (information Centre) පිහිටුවීමට ද නියමිත අතර, “ගාල්ල වොලිබෝල් හවුස්” හි වොලිබෝල් ක්‍රීඩා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට ද පියවර ගැනීමට ද නියමිතය.

එමෙන්ම වෙරළ වොලිබොල් ක්‍රීඩාව තවදුරටත් ජනප්‍රිය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා උළෙල සදහා වෙරළ වොලිබෝල් ක්‍රීඩාව ක්‍රීඩා ඉසව්වක් ලෙස ඇතුලත් කිරීම සදහා පියවර ගැනීමටත්, ක්‍රිකට් තරග මෙන්ම ප්‍රධාන පාසල් අතර වාර්ෂිකව වොලිබෝල් තරඟ (Big Match) හදුන්වාදීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් වොලිබෝල් සංගමය සමග වැඩපිළිවෙළක් සකස් කිරීමට ද නියමිතය. මේ වසරේ පටන් බීච් වොලිබෝල් ලීග් නමින් තරගාවලියක් ඩයලොග් ආයතනය සමග ආරම්භ කර ඇති අතර, වාර්ෂිකව මෙම තරගාවලිය පැවැත්වීමට ද නියමිතය.

වතු ආශ්‍රිතව වොලිබෝල් ක්‍රීඩාව දියුණූ කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කෙරෙන අතර, වතු ක්‍රීඩා කොට්ඨාස තුලින් වතු තරඟාවලි නැවත ආරම්භ කිරීමට ද නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය ද සම්බන්ධ කොට ගෙන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමටත්, ක්‍රීඩා උපකරණ පහසු මිලට ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රීඩා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් හදුන්වාදීම කෙරෙහි ද අවධානය යොමු ව ඇත.

 

 

Post Views: 9
Previous Post

ආනයනික අර්තාපල් බදු වැඩි කරයි

Next Post

ලැබීමට ඇති හිඟ බදු මුදල් ගැන වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි

editor

editor

Next Post

ලැබීමට ඇති හිඟ බදු මුදල් ගැන වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved