කොළඹ 09, මරදාන දෙමටගොඩ පාරේ පිහිටි “මල් බෙරි රිසෝට්” නැමැති මහල් 14කින් යුත් නිවාස සංකීර්ණය අඬවමින් අකාලයේ පරවුණු 12 හැවිරිදි අබ්දුල් හසීන් නැමැති පිරිමි දරුවාගේ මව පවුල අතහැර ගොස් ඇති අතර, පියා මත්පැන් පානයට ඇබ්බැහි වීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත දරුවා මිත්තණියගේ භාරකාරත්වයට පත්කර හැදී වැඩෙමින් තිබී ඇත. මූලික විමර්ශනවලදී අනාවර වී ඇත්තේ දරුවා තවත් කුඩා ළමයින් 5 දෙනෙකු සමඟ 14 වන මහලේ පිහිනුම් තටාකය අසල සිටියදී අනාරක්ෂිත ස්ථානයකින් පිටතට යාමට උත්සාහ කිරීමේදී අඩි 120ක් පමණ පහළ තෙවැනි මහලේ විවෘත කොටසකට ඇදවැටී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














