මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැඟිල්ල පසුගිය අප්‍රේල් 20 වනදා සිසු අයිතියට පත් කර ඇති බව වාර්තා වේ. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
පසුගිය රජය සමයේ වැඩ ආරම්භ කර අතරමඟ නතර වී තිබූ මෙම ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් රජය රුපියල් ලක්ෂ 237ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. පාසල් සිසුවියන්ගේ ඉගෙනුම් කටයුතුවලට පැවති බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට පියවර ගෙන ඇත.
ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පාසලේ ප්‍රාථමික අංශයේ නිරීක්ෂණයක ද නිරත වූ අතර, පාසලේ පවතින සෙසු අඩුපාඩු ද ඉදිරියේදී සම්පූර්ණ කර දෙන බවට පොරොන්දු විය. මෙම අවස්ථාවට මාරවිල කානික්ක දේව මාතා දේවස්ථානයේ සහායක පියතුමන්, විදුහල්පති සී.එම්.සී. සිල්වා පැවිදි සොහොයුරිය ඇතුළු ආරාධිත අමුත්තන්, ගුරුවරුන් සහ සිසුවියන් පිරිසක් සහභාගී වූහ.














