ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලීසිය විසින් ඊයේ (අප්‍රේල් 21) අත්අඩංගුවට ගෙන තිබේ. සිය බිරිඳ ඇතුළු පිරිසක් සමඟ නුවරඑළියේ හෝටලයක ලැගුම් ගෙන සිටි අවස්ථාවේදී එහි හිමිකරු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, ගිනිඅවියක් පෙන්වා මරණ තර්ජනය කිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සතුව තිබූ ගිනිඅවියේ බලපත්‍රය ද කල් ඉකුත් වී ඇති බවයි. සැකකරු විසින් බලපත්‍රය අලුත් කර ඇති බව ප්‍රකාශ කළද, මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කළේය. ප්‍රේමලාල් ජයසේකර මහතා මීට පෙර 2015 වසරේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී, පසුව 2022 වසරේදී අභියාචනාධිකරණය විසින් නිදහස් කරන ලද අයෙකි.














