මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ 100 වැනි සංවත්සරය නිමිත්තෙන් එම විද්‍යාලීය ශිෂ්‍ය නායක සංගමය විසින් පසුගියදා (22) පෙරවරුවේ මීගමුව වෙරළ තීරයේ දැවැන්ත පවිත්‍රතා වැඩසටහනක් පවත්වන ලදී.
පෙ.ව. 6:30 සිට පෙ.ව. 10:30 දක්වා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ මීගමුවේ ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටල් වෙරළ කලාපයේ සිට මීගමුව වෙරළ උද්‍යානය දක්වාත්, පෝරුතොට වෙරළ පරිශ්‍රය දක්වාත් විහිදුණු කිලෝමීටර් 2.5 ක වෙරළ තීරයක් පිරිසිදු කර තිබේ. ජෛව ක්‍රියාවලියකට නතු නොවී දිරාපත් නොවන අපද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කිරීම සහ වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වූ අතර, රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ විශේෂ සහයෝගයද මේ සඳහා ලැබී ඇත. මීගමුව මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද කුමාර, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න ඇතුළු මහා නගර සභා සෞඛ්‍ය සේවකයන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු සහ සංචාරක පොලිස් නිලධාරීන් මෙන්ම මාරිස් ස්ටෙල්ලා විද්‍යාලවල ගුරු මණ්ඩලය සහ සිසුහු මෙම අවස්ථාවට එක් වූහ.














