තණමල්විල, හම්බෙගමුව, අලුත්වැව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී මහා පරිමාණයෙන් වගා කර තිබූ ගංජා හේනක් වටලා, ඒ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලිසිය සමත්ව තිබේ.
අක්කරයකට ආසන්න බිම් ප්‍රමාණයක අඩි තුනක් පමණ උසට ඉතා සරුවට වගා කර තිබූ ගංජා පැළ 32,000 කට අධික ප්‍රමාණයක් මෙම වැටලීමේදී සොයාගෙන ඇත. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මෙම නීතිවිරෝධී ගංජා වගාව පොලිස් නිලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර ඇති අතර, අලුත්වැව ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














