කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney) ප්‍රමුඛ ලිබරල් රජය එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පැවැති විශේෂ අතුරු මැතිවරණ දෙකකින් ලිබරල් පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමඟ, මන්ත්‍රී ආසන 343කින් යුත් මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආසන 173ක් දිනා ගනිමින් මෙම ස්ථාවර බහුතරය ගොඩනගා ගැනීමට ඔහුට හැකි විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භ කර ඇති වෙළඳ යුද්ධයට (Trade war) වඩාත් සාර්ථකව මුහුණ දීමටත්, විපක්ෂයේ සහාය නොමැතිව නව පනත් සම්මත කර ගැනීමටත් කාර්නි පාලනයට අවස්ථාව හිමි වේ. මීට පෙර විපක්ෂයේ සාමාජිකයන් කිහිපදෙනෙකුම රජයට එක්වීම කාර්නිගේ බලය තහවුරු වීමට ප්‍රධාන හේතුවක් විය.
දේශපාලන අත්දැකීම් රහිතව බලයට පත් වුවද, මධ්‍යම බලවතුන් ලෙස හඳුන්වන රටවල් ඒකරාශී කරමින් ලෝක දේශපාලනය තුළ මාර්ක් කාර්නි ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇත. මෙම බහුතර බලයත් සමඟ ඔහුට 2029 වසර දක්වා ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකි වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














