ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ Shorewood ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක වූ 34 හැවිරිදි මේරි කේ ලෙටුවර්නෝ සහ ඇගේ 12 හැවිරිදි සිසුවා වූ විලී ෆුවාලාඌ අතර පැවති “ව්‍යවස්ථාපිත දූෂණ” (Statutory Rape) ගණයට වැටෙන ආන්දෝලනාත්මක සබඳතාව ලෝක ඉතිහාසයේ කිසිදා අමතක නොවන සිදුවීමක් බවට පත්විය. 1996 වසරේදී ආරම්භ වූ මෙම තහනම් සබඳතාව අනාවරණය වූයේ මේරි සහ දරුවා අතර හුවමාරු වූ රහස් ලිපියක් ඇයගේ ස්වාමිපුරුෂයාට අහම්බෙන් හමුවීමෙනි. පොලිසිය විසින් ඇගේ මෝටර් රථයේ පසුපස අසුනෙන් සොයාගත් DNA සාක්ෂි මගින් අපරාධය තහවුරු විය.1997 දී අධිකරණය ඇයට මාස 6ක සිරදඬුවමක් නියම කළ අතර, සිරගෙදරදී ඇය තම පළමු දියණිය බිහි කළාය. “නැවත කිසි දිනෙක විලීව හමු නොවිය යුතුයි” යන දැඩි අධිකරණ කොන්දේසිය මත ඇය මාස 3කින් නිදහස් කෙරිණි.නිදහස් වී සති කිහිපයකින් 1998 පෙබරවාරි මාසයේදී මධ්‍යම රාත්‍රියක මෝටර් රථයක නිරුවතින් විලී සමඟ සිටියදී ඇය යළි අත්අඩංගුවට පත්විය. මේ නිසා විනිසුරුවරයා විසින් ඇයට වසර 7 හමාරක (මාස 89ක) උපරිම සිරදඬුවම නියම කළ අතර, දෙවන වරට සිරගත වන විටත් ඇය දෙවන දියණියට උපත ලබා දීමට ගැබ්ගෙන සිටියාය.2004 දී ඇය නිදහස් වූ අතර, 2005 මැයි මාසයේදී 21 හැවිරිදි විලී සහ 43 හැවිරිදි මේරි නීත්‍යානුකූලව විවාහ විය. වසර 12ක විවාහ ජීවිතයෙන් පසු 2019 දී ඔවුන් නිල වශයෙන් දික්කසාද වූහ.
2020 ජූලි 6 වන දින 58 හැවිරිදි මේරි කේ ලෙටුවර්නෝ පිළිකා රෝගයකින් මියගිය අතර, මියයන මොහොතේදීත් විලී ඇය අසල රැඳී සිටි බව වාර්තා වේ.මෙම සිදුවීම “සැබෑ ආදරයක්ද?” නැතහොත් වැඩිහිටියෙකු විසින් දරුවෙකුගේ මනස විකෘති කිරීමක්ද යන කාරණය ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල වශයෙන් විවාදයට ලක් විය.














