මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (27) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය ආරම්භ කර තිබේ.
අද දින සදාතුක දළදා කරඬුව වැඩමවීමේ පූජනීය භාග්‍යය ‘කදිරපුර වාසනා’ හස්තියාට හිමිව ඇත. මෙම පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
















