අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය සහ අකුරැස්ස පොලිසිය එක්ව සංවිධානය කළ දැවැන්ත ඩෙංගු මර්දන වැඩසටහන අතිසාර්ථකව නිමාවට පත්විය.
මෙම විශේෂ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් 600 කට අධික පිරිසක් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සහ ඩෙංගු මර්දන කමිටු සාමාජිකයන් ඇතුළු 2500 කට අධික පිරිසක් සක්‍රීයව දායක වූහ. මෙහිදී ප්‍රදේශයේ නිවාස 15,000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ශ්‍රී ලංකා යුද හමුදාව, පෞද්ගලික වෛද්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ අකුරැස්ස ප්‍රදේශයේ සමස්ත පුරවැසියන් ඇතුළු මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට සහය වූ සහ ප්‍රවාහන හා ආහාර පාන පහසුකම් සපයමින් ශක්තියක් වූ සැමට මෙහෙයුම සංවිධායකයින් විසින් සිය කෘතවේදීත්වය පුද කර සිටී.
















