ඉන්දීය රෙදිපිළි කර්මාන්ත අමාත්‍ය ගිරිිරාජ් සිං මහතාගේ ආරාධනයෙන් නවදිල්ලි නුවර පැවැත්වෙන ‘Barath Tex’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව, ඉන්දීය රෙදිපිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා මහතා සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහීෂිණි කොලොන්නේ මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරමින් තාක්ෂණික සහ ආයෝජන සහාය ලබාගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. එහිදී විශේෂයෙන්ම ඉන්දියාවේ NIFT (National Institute of Fashion Technology) ආයතනය හරහා ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපාධි මට්ටමේ පුහුණු අවස්ථා ලබාදීම සහ සාම්ප්‍රදායික අත්යන්ත්‍ර මෙන්ම නවීන තාක්ෂණික රෙදිපිළි නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රධාන අවධානය යොමු විය.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ක්ෂේත්‍රය සඳහා ඉන්දීය ආයෝජන සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, මෙම හමුව ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණය නව මානයකට ගෙන යාම සඳහා ඉවහල් වනු ඇති බව විශ්වාසය පළ කෙරේ.
















