• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ

18 July 2022
in සංවර්ධන

163 වන ජාතික පුරා විද්‍යා දිනයට සහ පුරා විද්‍යා සතියට සමගාමීව මාතලේ දිස්ත්‍රික් පුරා විද්‍යා කාර්යාලය විවෘත කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ඓතිහාසික සහ පුරා විද්‍යා සංරක්ෂණ ස්ථාන රැසකට උරුම හිමිකම් කියන මාතලේ දිස්ත්‍රික්කයට දිස්ත්‍රික් පුරා විද්‍යා කාර්යාලයක අවශ්‍යතාව කලෙක පටන් පැවති අතර එම අවශ්‍යතාව හදුනාගෙන දිසා ලේකම් කාර්යාල පරිශ්‍රයේ තිබෙන යටත් විජිත යුගය දක්වා පැරණි ඒජන්ත කාර්යාලය සංරක්ෂණය කරමින් මෙම පුරා විද්‍යා කාර්යාලය ස්ථාපිත කෙරුණි.

මාතලේ දිස්ත්‍රික් පුරා විද්‍යාකාර්යාලය පිහිටුවීමට සමගාමීව මධ්‍යම පළාත් පුරා විද්‍යා දින විශේෂ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී දී සිදු කෙරුණු අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කළ ඓතිහාසික සහ පුරා විද්‍යා ග්‍රන්ථ අලෙවි සැලක් ද විවෘත කෙරුණි.

පුරා විද්‍යා සතියට සමගාමීව පුරා විද්‍යා සංරක්ෂණයයේ ඇති වැදගත් කම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් ද පැවති අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය , මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන නිශාන්ත කරුණාතිලක,චමිලා අතපත්තු,පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඩී.එම්.බී.ජේ.පී. දිසානායක,වීර මොනරවිල කැප්පෙටිපොල ජාතික පදනමේ සභාපති වෝලටර් පරහිටියාව තැන්නේ.ලේකම් එම්.ඩබ්ලිව් සෝමරත්න.පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් නිලධාරී මංජුලා හපුආරච්චි,ඇතුලු මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මේ වැඩසටහන සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්වීය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 35
Previous Post

ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

Next Post

මැදවච්චියේ අයි.ඕ. සි පිරවුම් හල බර අදිද්දි ඒකටත් පිරිසක් චන්ඩි පාට් දමයි

editor

editor

Next Post

මැදවච්චියේ අයි.ඕ. සි පිරවුම් හල බර අදිද්දි ඒකටත් පිරිසක් චන්ඩි පාට් දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved