• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ, බුලනවැව “සුවයට අරුණක් ” ජංගම සෞඛ්‍ය සායනයක්

15 May 2023
in දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායන දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනට අදාල පසුගියදා (13) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල බුලනවැව, දේවහුව බෝධිරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී විශාල ජනතා සහභාගීත්වයකින් සාර්ථකව පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්නු ලැබූ මෙම ජංගම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර සේවාවන් ලබාගැනිම සදහා බුලනවැව, මකුළුගස්වැව, කිවුලේඇල, පංගල, බේලියකන්ද, මොරගොල්ල, දමුණුමුල්ල, ගලේවල, දිග්ගල ආදී අවට ප්‍රදේශවල දහසකට අධික ජනතාවක් එක්ව සීටිම විශේෂත්වයක් විය.

මෙම “සුවයට අරුණක්” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධීරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ද දේහ දර්ශකය මැනිම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය සහ වකුගඩු සායනය ඇතුළු සෞඛ්‍ය සේවා දිනය පුරා පැවැත්විණි.

මෙම අවස්ථාවට බුලනවැව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලව්වේ චන්ද්‍රරතන නාහිමි, සෞඛ්‍ය අමාතාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) යු.ඒ.එච්.එස් සිසිර කුමාර, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න සහකාර ප්‍රාදේශීය ලේකම් අසංක රාජපක්ෂ මහතා ඇතුලු සෞඛ්‍ය අංශ නියෝනය කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල රැසක් ද එක්ව සිටියහ.

Post Views: 21
Previous Post

ළමා අපයෝජන වැළැක්වීමට දැඩි නීති කෙටුම්පත් සකස් කරන්න – ජනපති

Next Post

පැතිරෙන කටකතා බොරුයි .. මහින්දව අගමැති කරන්නේ නෑ – මහලේකම් සාගර

editor

editor

Next Post

පැතිරෙන කටකතා බොරුයි .. මහින්දව අගමැති කරන්නේ නෑ - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved