27 April 2024
#සංවර්ධන

මාතලේ ළමා උද්‍යානය නවිකරණය කොට විවෘත කෙරේ

මාතලේ මහ නගර සභාවට අයත් ළමා උද්‍යානය නවිකරණය කොට ළමුන් සදහා විනෝද විය හැකි ආකාරයෙන් සකස් කොට මේ දිනවල සතියේ සැම දිනකම විවෘතව පවතින බව නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මහතා පවසයි.

කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධීපති අමිල නිරෝෂන යන මහත්වරුන් ඇතුලු නාගරික මන්ත්‍රි මණ්ඩලයේ එකගතාවය මත නිසි ක්‍රමවේදනයන්ට අනුකුලව පෞද්ගලික ආයෝජකයකු විසින් සංවර්ධන කටයුතු සිදු කළ බවත් මේ තුළින් සෘජුව නගර සභාවට අතිරේක ආදායමක් ලැබන බවද පැවසිය.

ළමුන් සදහා විනෝද විය හැකි අංග රැසකින් සමන්විත බවද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *