27 April 2024
#දේශීය

වී මිලදී ගැනීම් ගැන මාතලේ දිසාපතිනියගේ නිරික්ෂණයට

මහ කන්නයේ රජයේ සහතික වි මිලදි ගැනිම වැඩසටහන යටතේ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වි මිලදි ගැනිම් මේ දිනවල සිදු කරන අතර ඉකුත්දා එම කටයුතු මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ නිරික්ෂණයට ලක් විය.

ඒ අනුව තෙතමනය සියයට 14ක් සහිත නාඩු වි කිලෝ ගෑම් එකක් සදහා රුපියල් 100ක මිලක්ද තෙතමනය සියයට 14ක් 22ක් අතර නාඩු වි කිලෝවක් සදහා රුපියල් 88ක මිලක්ද ලබා දෙන අතර එක් ගොවියකුගේ අක්කර 1 දක්වා වි කිලෝ 2000ක් ද අක්කර 1-02 දක්වා වි කිලෝ ග්‍රැම් 4000ක් ද අක්කර 02 ට වැඩි කිලෝ 5000ක් ද මිලදි ගැනිමට සැලසුම් කර ඇති බව විල්ගමුව ප්‍රාදේශිය ලේකම් තුසිත උදේශ් දිසානායක මහතා පැවසිය.

මාතලේ දිස්ත්‍රික්කයේ වි මිලදි ගැනිම් සාර්ථකව මේ දිනවල සිදු වන බවත් රජය විසින් ඒ සදහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් සපයා ඇති බව මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

මෙම නිරික්ෂණ චාරිකාවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත උදේශ් දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *