27 April 2024
#දේශීය

උකුවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සිසිරගේ වැටුප සුබ සාධක සංගමයට පරිත්‍යාග කරයි

වසර හතරක් තිස්සේ උකුවෙල ප්‍රාදේශිය සභාව නි‍යෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන සිසිර ජයම්පති ඇටිපොල මහතා සිය දිමනාව වසර හතරම විවිධ සුබසාධන වැඩ සදහා පරිත්‍යාග කර ඇති අතර නිල කාලය අවසන් වන මේ මාසයේ දිමනාව ද උකුවෙල ප්‍රාදේශීය සභාවේ සුබ සාධක සංගමය වෙත පරිත්‍යාග කිරිම ඉකුත්දා ප්‍රාදේශීය සභාවේදි සිදු විය.

සිසිර ජයම්පති ඇටිපොල මහතා 1991 වසරේ මන්ත්‍රිවරයෙකු ලෙස උකුවෙල ප්‍රාදේශිය සභාවට තේරිපත් වන අතර පසුව උප සභාපතිවරයෙකු සහ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කළ අතර වසර 30කට වැඩි කාලයක් දේශපාලනයෙහි යෙදෙන සිසිර ජයම්පති ඇටිපොල මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අතර උකුවෙල ප්‍රාදේශීය සභාවේ සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි.

පසුගිය වසර හතරක කාලය තුළ රුපියල් ලක්ෂ 09ක අධික මුදලක් දිමනාව වශයෙන් තමන්ට ලැබුණු බවත් ඒ සියලු දිමනාවන් උකුවෙල මාසයටක වරක් උකුවෙල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධන,අඩු ආයාම් ලාභි ජනතාවගේ ආර්ඛිකය නැංවිම සදහා උපකරණ රැගෙනදිම,වැසිකිලි නොමැති පවුල් සදහා සකස් කර ගැනිම සදහා ද්‍රව්‍ය ලබාදිම,සෙවිලි තහඩු ලබා දිම,අධ්‍යාපනය ලබන දු දරුවන් සහා පාසල් උපකරණ ලබාදිම,ගෙවතු උපකරණ ලබා දිම, ක්‍රිඩා උපකරණ ලබා දිම ,කොවිඩ් වංසගත කාලයේදි වියළි සලාක ලබා දිම ඇතුලු විවිධ අවශ්‍යතාවයන් සදහා මුදල් සහ ද්‍රව්‍ය වශයෙන් ලබා දුන් බවත් තමන්ට තෘප්තිමත් විය හැකි ආකාරයෙන් මේ වසර 4ක කාලය තුළ මන්ත්‍රි දිමනාව ලබා දුන් බවද ඇටිපොල මහතා පැවසිය.

මෙහිදි අදහස් දැක්වු සිසිර ජයම්පති ඇටිපොල මහතා කියා සිටියේ මම ඡන්දය ඉල්ලන කාලේම හිතුවා මට ඡන්දය දෙනවා වගේම මාත් කවදාහරි චන්ද දායකයාත් සතුටු කරනවා කියලා . ඹවුන් දෙන වරමින් අපි බොහෝ දේවල් බුක්ති විදිනවා එහෙම නම් මගේ යුතුකමක් වෙනවා ඡන්දය දිපු අයවත් උදව් කරන්න .මේ සියලු දේ කරන්නේ දුෂිතයෙන් තොර හොරමැරකම් වලින් වැලැකි මහජන සේවයක් කිරිම අරමුණ ඇතිව බව මන්ත්‍රි වරයා පැවැසිය .

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *