27 April 2024
#දේශීය

බලපත්‍ර ‍‍නොමැතිව වැඩි මිලට අරක්කු විකුණු මාතලේ සුපිරි හොටලයක් වටලා අරක්කු තොගයක් අත්අඩංගුවට

කිසිදු බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත අරක්කු අලෙවි කළ මාතලේ තොටගමුව ප්‍රදේශයේ සුපිරි හෝටලයක් වටලා අරක්කු,බියර් ඇතුලු මත්පැන් බොතල් විශාල ප්‍රමාණයක් එහි කළමණාකරු සමග ඊයේ(21)දා අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ දුෂණ විමර්ශන කාර්යංශය කියයි.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් අනුව දිර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම හෝටලය වටලා අරක්කු තොගය අත් අංඩගුවට ගත් බවද පොලිසිය කියයි.

මෙම හෝටලය තුළ පොහොය දිනවලදි සහ වෙනත් දිනවලදි වැඩි මිලට අරක්කු නිනි විරෝධි ලෙස විකුණා ඇති බවත් හදුනාගත් ගනුදෙනුකරුවන් පිරිසකට පමණක් කාලයක් තිස්සේ මෙම අරක්කු විකිණිම් කටයුතු සිදු කරගෙන ගොස් ඇති බව මුලික පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.

රජයේ අරක්කු බෝතල්,බියර්,ඇතුලු අධික වටිනකමින් යුත් මත්පැන් බොතල් විශාල ප්‍රමාණයක් ද‍ පොලිස් භාරයට ගත් බවද පොලිසිය කියයි.

මෙම හෝටලයට පැමිණෙන ගනුදෙනුකරුවන් පිටතින් යම් අරක්කු ප්‍රමාණයක් රැගෙන විත් පානය කිරිමට අවශ්‍ය පහසුතම් සපයන අතර පසුව ඉතිරි අරක්කු වැඩි මිලට විකුණා ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශය භාර 01 ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයෙන් කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො.ප ඩබ්.එම් වල්පොල,පො.ප කැළුම් බණ්ඩාර,උ.පො.ප සුමිත්,උ.පො.ප තේමියදාස,උ.පො.ප ප්‍රේමසිරි,පො.සැ 1467 චමින්ද,පො.සැ 71250 ‍හේමන්ත,පො.සැ 21636 ප්‍රියන්ත,පො.සැ 41223 නලින්ද,පො.කො 73181 ලයනල්,පො.කො 77615 විරරත්න,පො.කො 74224 බණ්ඩාර,පො.සැ.රි 1007 බෝපගෙදර,පො.කො.68332 විරකොන්,පො.කො 85575 යාපා,පො.කො 87933 ගුණවර්ධන,පො.කො 85894 අත්තනායක,‍පො.කො රි 80956 අබේරත්න, යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ,

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *