27 April 2024
#දේශීය

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින මාතලේ පවුලකට නිවසක් ලබා දෙයි

මාතලේ දිස්ත්‍රික් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපිය සංගමයේ සභාපති ගාමිණී කොස්තා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමින් යුත් නව නිවසක් ඉදිකර අබාධිත පවුලක් සදහා බාර දිම ඉකුත්දා සිදු විය.

මාතලේ දිස්ත්‍රික් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපිය සංගමයේ සභාපති ගාමිණී කොස්තා මහතාගේ බාල පුතණුවන් වන ලක්ෂිත බණ්ඩාර මිට මාස කිහිපයකට පෙර රෝගි තත්වයන් හේතුවෙන් මිය ගිය අතර දරුවාට පිං පිණිස “ලක්ෂික සෙවණ”නමින් නම් කර මෙම නව නිවස පරිත්‍යාග කිරිම සිදු විය.

මාතලේ ඇල්වල පදිංචි පුබුදු සදරුවන් විජේසිංහ දරුවා ඇතුලු පවුලේ සැමට බාධාවකින් තොරව ජිවත් විම සදහා මෙම නිවස ලබා දිම සිදු වු අතර මිට පෙර දරුවා ඇතුලු දෙමව්පියන් ඉතා අසරණව විදුලි,ජල පහසුකම්වත් නොමැතිව ඉතා දිළිදු කටු මැටි පැළක ජිවත්වු අතර ඒ පවුල සොයා ගාමිණී කොස්තා මහතා නිවසටම ගොස් කරුණූ විමසා බලා මෙම අය සදහා නිවස ලබා දිමට පියවර ගෙන තිබුණි.

මෙම පවුල්ලේ දරුවාද උපතින්ම අබාධිත අතර මවද අබාධීත අයෙක් වන අතර දරුවන්ගේ පියා ද ජිවත්වන්නේ එදිනෙදා වැඩකරමිනි.

අදහස් දැක්වු සියම් මහා නිකායේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමියන් කියා සිටියේ මෙවන් යුගයක මෙවැනි උතුම් වටිනා සත්කාර්යක් බවත් තම නිවෙස් පවා විකුණන යුගයක නව නිවසක් ලබා දිමට කටයුතු කිරිම අගය කරන බවය.වර්තමානයේදි හොද වැඩ කරන මිනිසුන් අඩු බවත් සල්ලි යහමින් ඇති පුද්ගලයින් ඵලරහිත දේ විශාල වශයෙන් සිදු කරන බවත් මෙම කාර්ය මහාසංඝරත්නය ලෙස අගය කරන බවද උන් වහන්සේ පැවසිය.

මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය,මාතලේ තරුණ බෞද්ධ සමිතියේ ලේකම් අශෝක කේ.නිලකාන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *