27 April 2024
#දේශීය

මාතලේ විශ්‍රාමිකයින් අපහසුතාවයට

මාතලේ නගරයේ ඒ අවට ප්‍රදේශවල අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල ඉතා අධීක ලෙස මිල ඉහළ ගොස් ඇති බවත් බොහෝ ඖෂධ හිග හේතුවිමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයියෝ පවසයි.

මාතලේ, රත්තොට .නාඋල,දඹූල්ල,ගලේවල ඇතුලු අනෙකුත් ප්‍රදේශවල පිහිටි ඖෂධසැල් වල ඖෂධ හිගයක් ඇති බවත් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ රෝගාබාධා සදහා අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වලින් හෝ ලබා ගන්නට නොහැකි වි ඇති බවත් ඒවා පිටතින් ලබා ගැනිමට සිදු විම නිසා තමන් අපහසුතාවයට පක්ව සිටින බවද ඔවුහු කියයි.

විශේෂයෙන් මේ වන විට රටේ අත්‍යවශ්‍ය භෘණ්ඩ මිලද මේ වන විට සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ තත්වය මත තමන්ට ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් ලෙඩවලට බෙහෙතේ හෝ වෙනත් දේ මිලදි ගැනිමට තමන්ට නොහැකි වි ඇති බවද ඔවුන් කියයි.

මේ පිළිබදව අවධානය යොමු කර විශ්‍රාමික පිරිසට යම් සහනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *