27 April 2024
#දේශීය

රෝහල්වල ICU සහ HDU වැසෙන ලකුණු – රවි කුමුදේශ්

රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) වැසෙන ලකුණු බොහෝ විට ඉඩ ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සියළුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුධයක් මතුව ඇති බව හෙතෙම පැවසිය.

මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකහී වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවාත්වා ගැනීම පවා නිශ්පල විය හැකි බව කුමුදේශ් මහතා කියා සිටියේය.

එසේම එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සදහා සැපයුම් කරුවන් වෙත ගෙවියයුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් ගෙවීම, මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාල ප්‍රතික්‍රියක ලබා දීම කල නොහැකි බව අදාල සමාගම් විසින් දන්වා තිබීම මේ තත්වයට ප්‍රධාන හේතුවක් බවත් මෙවැනි ගැටළු සදහා තාව තාවකාලික පිළියමක් හෝ යෙදීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව තිබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට ණය දීම හේතුවෙම් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇති අතර, ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාධුගත වී ඇති බව කුමුදේශ් මහතා කියා සිටියේය.

වර්ථමාන අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබදව සොයා බැලීමේ වගකීම රුවන් විජේවර්ධන මහතාව පත්කර ඇතත්, ගැටළු අවශ්‍ය සාකච්චාවක් අදාල පාර්ශව සමග තවම සිදු වී නොමැති බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *