මාතලේ අළුවිහාරය විහාරස්ථානයේ සිට මහනුවර දක්වා ගමන් ගන්නා “ඒහිපස්සිකෝ සාම පා ගමන” මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. දඹුල්ලේ සිට කිලෝමීටර් 46ක දුරක් ගෙවා වැඩම කළ භික්ෂූන් වහන්සේලා අද (23) අලුයම 12.20ට පමණ අළුවිහාරය විහාරස්ථානයට ළඟා වූහ.
මෙම ගමනට සමගාමීව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ද වැඩම කරවීම සිදු වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එම අවස්ථාවට එක්විය. අද උදෑසන මාතලෙන් ආරම්භ වූ පා ගමන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ළඟා වීමට නියමිතය. භික්ෂූන් වහන්සේලාගේ මෙම සාම පා ගමනට බාධාවක් නොවන අයුරින් ඉඩ ලබා දෙමින් සහයෝගය දක්වන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.














