ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඉරානය දැඩි විරෝධය පළ කිරීමත් සමඟ, ඉරානය නිකුත් කරන ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ධවල මන්දිරය මාධ්‍ය වෙත දැනුම් දී තිබේ. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) ප්‍රකාශ කළේ ඉරාන මාධ්‍ය හරහා පැමිණෙන පරස්පර පණිවුඩ “ප්‍රසිද්ධියේ කරන විහිළු” (Public nonsense) ලෙස තමන් සලකන බවයි.
ඉරානය ප්‍රසිද්ධියේ පවසන දේ සහ ඔවුන් රහසිගත සාකච්ඡාවලදී ඇමරිකානු පාර්ශ්වයට එකඟ වන දේ අතර විශාල වෙනසක් පවතින බව ලෙවිට් පෙන්වා දුන්නාය. ඇමරිකාවට ඉරානයේ අභ්‍යන්තර තීරණ ගැනීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති අතර සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා ටෙහෙරානයෙන් “එක්සත් ප්‍රතිචාරයක්” ලැබෙන තෙක් බලා සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. සටන් විරාමය බදාදා දිනයේදී අවසන් වීමට නියමිතව තිබූ අතර එය දීර්ඝ කිරීමට ට්‍රම්ප් පියවර ගත්තද ඉරානය එම යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.














