විශාල බෝට්ටුවක් ප්රවාහනය කර රැගෙන ඒම හේතුවෙන් මාතර ගාලු පාරේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.
ඒ අනුව, එම මාර්ගයේ ගමන් කරන රථවාහන විකල්ප මාර්ග ඔස්සේ යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.
එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව ගමන් කරන ලෙසත් දැනුම් දෙයි.
















