පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අදාළ නඩු කටයුතු දෙකක් අද (28) අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අද කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා 24ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
මේ අතර, ක්රිෂ් (Krrish) සමාගම් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමද අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී සලකා බැලීමට නියමිතය.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ඊයේ (27) මෙම ඇප ඉල්ලීම අද සලකා බැලීමට නියෝග කර තිබේ.













