• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර ප්‍රදේශ රැසක මාර්ග හා පහත් බිම් ජලයෙන් යටවෙයි

නිල්වලා ගඟ ආශ්‍රිත කොට්ඨාස 8කට ගංවතුර අවදානමක්

24 September 2026
in දේශීය, පුවත්
මාතර ප්‍රදේශ රැසක මාර්ග හා පහත් බිම් ජලයෙන් යටවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී ඇති බව සඳහන්.
අකුරැස්ස – සියඹලාගොඩ – පස්ගොඩ මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමඟ එහි ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කළද, ඒවායේ විශාල වළවල් හෑරී තිබීම හේතුවෙන් ගමනාගමනය දැඩි ලෙස දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.
අකුරැස්ස – මාරගොඩ මාර්ගයේ කොටස් ද මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතින අතර, මොරවක – නෙළුව මාර්ගයේ පහත් බිම් ප්‍රදේශ ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර, නිල්වලා ගඟේ ඉවුරුවල තිබූ විශාල උණ පඳුරු ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන අයුරු ද දක්නට ලැබී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් තුළ බියක් ද හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ගංවතුරින් යටවන අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ කොටස මෙවර එවැනි තත්ත්වයකට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.
ගංවතුර තත්ත්වය හමුවේ කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔරුවක් පවා සූදානම් කර ඇති බව අතුරලිය ප්‍රාදේශීය සභා සභාපති නුවන් රත්නායක මහතා සඳහන් කළා.
එහෙත් අකුරැස්ස – පානදුගම – සියඹලාගොඩ මාර්ගයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බලධාරීන් වෙත දැඩි අප්‍රසාදය පළ කරනවා. නිල්වලා ජල යෝජනා ක්‍රමය ආශ්‍රිතව ගඟ උතුරා යන ප්‍රදේශයේ පස් කඳු ගොඩගසා තිබීම සම්බන්ධයෙන් ද ඔවුන් විරෝධය පළ කර තිබෙනවා.
ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන්ගේ ආරක්ෂාව සලකා දෙමාපියන් ඔවුන් නිවෙස් වෙත රැගෙන යන අයුරු ද දක්නට ලැබුණු අතර, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැටඹරු පුදබිමේ පේලි පෙරහැර පැවැත්වීමට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර, නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටේ ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
Post Views: 2
Previous Post

රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමට පියවර ගනිමින් සිටිනවා

Next Post

මලිදුව-මාණික්ගොඩ මාර්ගය ජලයෙන් යටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මලිදුව-මාණික්ගොඩ මාර්ගය ජලයෙන් යටවෙයි

මලිදුව-මාණික්ගොඩ මාර්ගය ජලයෙන් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved