ජයලත් අප ස්වාමි දුව වන මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වූ අතර, එහි ප්‍රධාන දේව මෙහෙය අද පැවැත්වීමට කටයුතු කර තිබුණි.
ගාල්ල පදවි රදගුරු තැන්පත් අති උතුම් දේව ධර්මාචාර්ය රේමන් කිංස්ලි වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් සහ සාලපුර පදවි රදගුරු තැන්පත් අති උතුම් දේව ධර්මාචාර්ය දොන් විමල් ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයන් පැවැත්විණි.
සිද්ධස්ථාන භාර පාලක ජූඩ් සම්පත් විලේගොඩ පියතුමා ඇතුළු සහායක පියතුමන්ලාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම දේව මෙහෙය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර, අද පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව වාර්ෂික මංගල්‍යයේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය, මාතර නගරාධිපති ජයන්ත පතිරණ මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
සම්ප්‍රදායානුකූලව සියලු ආගම් නියෝජනය කරමින් පැවැත්වෙන සුහද හමුවට මහා සංඝරත්නය ඇතුළු විවිධ ආගමික පූජකවරුන්ද එක්ව සිටියහ.














