පදවිය පරාක්රමපුර ප්රදේශයේදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන හෝටලයක් වෙත කඩා වැදීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔහු ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ටිපර් රථය හෝටලය වෙත කඩා වැදීම හේතුවෙන් එහි ගොඩනැගිල්ලටද හානි සිදුව ඇති බව සඳහන්ය.
අනතුරට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














