ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය වම් පාදයේ මස්පිඬු ආබාධයක් (Left Biceps Femoris/Hamstring Injury) යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ප්‍රංශයේදී සාර්ථක සැත්කමකට මුහුණ දී තිබේ.
සැත්කමෙන් අනතුරුව ඔහු මේ වන විට සිය සුවය ලැබීමේ සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය (Recovery Process) නිල වශයෙන් ආරම්භ කර ඇත. තමන්ට මුහුණ දීමට සිදු වූ මෙම ආබාධිත තත්ත්වයේදී සහ සැත්කම් කටයුතුවලදී අවශ්‍ය සියලු පහසුකම් සලසමින් උපකාර කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) සහ තමන් නියෝජනය කරන අයි.පී.එල්. (IPL) කල්කටා නයිට් රයිඩර්ස් (Kolkata Knight Riders) කණ්ඩායමට මතීෂ පතිරණ සිය විශේෂ ස්තුතිය පුද කර සිටියි.
ඉදිරි මාස කිහිපය තුළ ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු නැවතත් ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතය.
















