අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනවලට අනුව කොළඹ මැට්ටක්කුලිය ප්රදේශයේ නිවසක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 12ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් අනාවරී කරගත් තොරතුරු මත මෙම ආයුධ තොගය ඊයේ (19) දින සොයාගෙන තිබේ. විදෙස් රටක සිට මෙරටට රැගෙන එන ලද මෙම සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත පසුවේ. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පරීක්ෂා කරමින් පවතී.
















