මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (24) පියවර ගෙන තිබේ.
මට්ටක්කුලිය 23 වැනි කොටස ප්‍රදේශයේදී සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමඟ 25 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සහ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ මත්පෙති 1600ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















