රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමඟ කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක පහේ නිලධාරීන් වැටලීම් රාජකාරීවල යෙදී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන මෙම සැකකාර කාන්තාව සතුව තිබී මත්පෙති 1,000ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ අනුමත බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබා ගැනීමේ වරද යටතේ ඇය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කාන්තාව අද (04) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














