යුරෝපයේ GPS සංඥා අවහිර කිරීමට රුසියාව කටයුතු කරන බවට යුරෝපා සංගමයේ රටවල් විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම චෝදනා කරන පාර්ශ්වයන් විසින් “අවම වශයෙන් යම් සාක්ෂියක් හෝ” ඉදිරිපත් කළ යුතු බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා මහත්මිය අද (28) මේ බව ප්‍රකාශ කළේය. යුරෝපය පුරා GPS සංඥා හිතාමතාම අවහිර කරමින් පවතින බවට යුරෝපා රටවල් ගණනාවක් දිගින් දිගටම චෝදනා නගන පසුබිමක, මෙම චෝදනා සඳහා පදනමක් නොමැති බව රුසියාව අවධාරණය කරයි.















