රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කර තිබුණි. ඒ අනුව අදාළ අධිකරණ කටයුත්තක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියේය. මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නම ද සඳහන් වේ.
















