• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාවනැල්ල නගර සංවර්ධන සැලසුම යාවත්කාලීන කෙරේ – ඇමැති ප්‍රසන්න

19 October 2023
in දේශීය

මාවනැල්ල නගර සංවර්ධන සැලසුම යාවත්කාලීන කොට කඩිනමින් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග අද (19) දින පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

2023-2033 දක්වා වු දස වසර තුළ එය ක්‍රියාත්මක බවත් ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ, දැනට ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් සංවර්ධන සැලසුම්වල ගැටළු සහගත තත්ත්වයන් පවතින බවයි. එම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත් එසේ නොමැති වුවහොත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.

ඒ අනුව 1999 වසරේ සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් කර ඇති සංවර්ධන සැලසුම් ප්‍රමාණය 69 කි. එම අධිකාරිය විසින් ප්‍රදේශ 273 ක් දැනට නාගරික බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 208 ක් ඒ අතර වේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් සදහා 2004 වසරේදී සංවර්ධන සැලැස්මක් සකස් කර ගැසට් කර ඇති අතර 2020 වසරේදී එහි කාලය අවසන් විය. ඉන් පසු නව සැලැස්මක අවශ්‍යතාවය මත මෙම සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර තිබේ. එය සකස් කොට ඇත්තේ සංවර්ධන විභවතාවය සහ පාරිසරික සංවේදීතාව පදනම් කරගනිමින් මුළු මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදිය. කඩිනමින් මෙම නව සංවර්ධන සැලැස්ම ගැසට් කිරීමට නියමිතයි.

මාවනැල්ල නගර සංවර්ධන සැලැස්මේ දැක්ම වන්නේ “බටහිර බෑවුමේ හරිතවත් සමෘද්ධිමය කේන්ද්‍රය” යන්නයි. ආර්ථික හා සංචාරක සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය, ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය යන ප්‍රධාන කොටස්වලින් මෙම සැලැස්ම සමන්විතයි.

මාවනැල්ල යනු සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වටිනාකමිකින් යුතු ජනාකීර්ණ නගරයකි. මෙහි විශාලත්වය වර්ග කිලෝ මීටර් 119 කි. ග්‍රාම නිළධාරී වසම් ගණන 71 කි. මෙහි ප්‍රධාන වැවිලි බෝගය රබර් වගාව වන අතර ප්‍රධාන භූමි පරිභෝජනය වන්නේ කෘෂිකර්මයයි.

මෙම අවස්ථාවට මාවනැල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ඉදුනිල් ශාන්ත ගුණසේන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

Post Views: 23
Previous Post

උකුවෙල ඉඩම් නොමැති පවුල්වලට ඔප්පු ලබා දෙයි

Next Post

මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන විසින් මාධ්‍ය නියාමනයක් කිරීම වැදගත් – මන්ත්‍රී එස්.බී.දිසානායක

editor

editor

Next Post

මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන විසින් මාධ්‍ය නියාමනයක් කිරීම වැදගත් - මන්ත්‍රී එස්.බී.දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved