27 April 2024
#දේශීය

ලෝක කම්කරු දිනය අදයි !

මැයි පළමු දිනය බොහෝ රටවල නිල නිවාඩු දිනයකි.

වර්ෂ 1956 එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ රජයේ කම්කරු ඇමති ධූරය දැරූටී.බී.ඉලංගරත්න මහතා ශ්‍රී ලංකාවේ මැයි පළමුවැනි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි ඉතිහාසය ලෙයින් දහදියෙන් පිරි තිබේ.එනම් වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් ව විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාවය දිනකිහිපයක් පුරා පැවතිණි.

මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව ලොව පුරා බොහෝ රටවල් වාර්ෂිකව කම්කරු දිනය සැමරීම සිදු කරයි.පෙළපාළි ,රැළි සහ විවිධ උත්සව සංවිධානය කරමින් ලෝක කම්කරු දිනය සමරනු ලබයි.

අද සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනයට සුභාෂිංශන එක් කරමු..!

Leave a comment

Your email address will not be published. Required fields are marked *