27 April 2024
#දේශීය

නිදහස් පක්ෂයේ මැයි දින සැමරීම කොළඹ  දී – සභාපති මෛත්‍රිපාල කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය කොළඹදී සැමරීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දී මැයි දිනය පැවැත්වීම සුදුසු යැයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එකතුව තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ රටේ වැඩකරන ජනතාවට, ගොවි ජනතාවට, කම්කරුවන්ට, පීඩිතයින්ට හා සෑම පුංචි මිනිසාටම ශ්‍රමය වැය කරන්නාටම මුලික වශයෙන් සිය අයිතිවාසිකම්, වරප්‍රසාද ලබාදුන්නේ නිදහස් පක්ෂයෙන් බව හෙතෙම පැවසිය. එ් අනුව මැයි දිනය සාර්ථකව පැවැත්වීමයි බලාපොරොත්තු වන බව සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *