27 April 2024
#දේශීය

ඉතාලියෙදී වෙඩි මෙරටට රැගෙන ආ සිරුර ….. සියදිවි නසා ගැනීමක් බව හෙලි වෙයි

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පසුගිය 18 වනදා රැගෙනවිත් ඇති බව පොලිසිය පැවසිය.

මිය ගිය පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු වේ.

2004 වසරේදී ඉතාලියට ගිය ඔහු කම්කරුවෙකු වශයෙන් සේවය කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණ වී ඇත.

2021 මාර්තු මස 09 දින සිය නවාතැන්පලේ දී මෙම මරණය සිදුව ඇති අතර ඥාතීන්ගේ ඉල්ලීම මත දේහයට මෙරටට ගෙන්වා ගෙන ඇත.

මෙලෙස මෘත ශරීරය මෙරටට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුගේ බිරිද විසින් ගුවන් තොටුපල පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් තමාට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.

ඒ අනුව පසුගිය 19 වනදා දින මීගමුව අධිකරණය විසින් මෙම දේහයට සම්බන්දයෙන් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙස දන්වා ඇත.

එහිදී මරණකරු විසින්ම මුඛයට තුවක්කුව ඇතුලු කර වෙඩි තමාගෙන ඇති බවත් එය සියදිවි නසා ගැනිමක් ලෙස මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කෙටි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම සහ ඉදිරි කටයුතු ලබන මස (මැයි) 03 වනදා සිදු කෙරෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *