• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

MCC ගිවිසුම – විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපතිට !

18 February 2020
in දේශීය

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය  (MCC හෙවත් මිලේනියම්  චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයන  සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වෙත භාර දෙනු ලැබීය.

2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිවු  පුද්ගල කමිටුව පත් කෙරිණ. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්  කමිටුවේ සභාපතිත්වය දරයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර එහි සෙසු සාමාජිකයන් විය.

ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරිණ. ඒ අනුව විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වෙයි.

ලිපි ලේඛන විමර්ශනය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි. සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිත බවත් ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසීය.

Post Views: 11
Previous Post

සන්ධානයේ නායකත්වය මහින්දට .. සභාපති මෛත්‍රිපාලයි..

Next Post

අප්‍රිකාව වනසන පළඟැටියා ලංකාවට ඒමේ අවධානමක් !

editor

editor

Next Post

අප්‍රිකාව වනසන පළඟැටියා ලංකාවට ඒමේ අවධානමක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved