• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය මට්ටමෙන් කුකුළු ගොවිපොළ කර්මාන්තය ඉහල නැංවීමට පියවර

28 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ග්‍රාමීය මට්ටමෙන් කුකුළු ගොවිපොළ කර්මාන්තය ඉහල නැංවීමට පියවර

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීම අද (28) සීතාවක ප්‍රාදේශිය සභාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන සීතාවක ආරම්භ කල මෙම වැඩසටහන මගින් 5000 කට ප්‍රතිලාභ හිමිවේ. පුවක්පිටිය, මාබුල, වේරගොල්ල, උක්ගල්ල යන ගම්මාන සඳහා බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීම මෙහිදී සිදුකෙරිණි.

චීන රජයේ ආධාර යටතේ ලබාදෙන මෙම එක් යන්ත්‍රයක් මගින් පවුල් පහකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රීත ගම්මාන වල පවුල් රැසකට මෙමගින් වක්‍ර ප්‍රතිලාභ හිමිවේ.

ආදායම් උපයන මාර්ග වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩි දියුණු කිරීම, රටේ පොදු බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂිත අරමුණ වේ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ” අපේ රටේ අඩු ආදායම් ලබන ජනතාව පමණක් නොව කාන්තා පාර්ශවයටත් රටේ ගෙවතු වගාව සමගම ගමෙන් ගමට ප්‍රචලිත කරන්න, පෝෂදායී ආහාරයක් දරුවෙක්ට ලබාදෙන්න, මේ අවස්ථාවේ චීන මහජන රජය මෙම යන්ත්‍ර ප්‍රදානය කළා. සීතාවක සහ පාදුක්ක ප්‍රදේශයට මේ සුවිශේෂ අවස්ථාව ලබා දී එය සාර්ථක කර ගැනීමට ඉදිරිපත්ව සිටින සියලු දෙනා එකමුතුවෙන් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. ස්වයං රැකියා ව්‍යාපෘතියට සම්බන්ධ අතිරේක ව්‍යාපෘතියක් හැටියට අපි මෙය ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ පළාත් වල දැනටමත් මෙය ප්‍රචලිත ආදායම් මාර්ගයක්. හංවැල්ල මේ කර්මාන්ත කේන්ද්‍රව ආරම්භ කරපු තැන. පිලිප් ගුණවර්ධන මැතිතුමා කෘෂිකර්ම හා ආහාර ඇමතිතුමා හැටියට ඒ කාලයේ ලංකාවේ මේ ව්‍යාපාරය දියත් කරනකොට මේ තරම් ලොකු යන්ත්‍ර ලෝකයේ නිෂ්පාදනය කරලා තිබුණේ නැහැ. පළවෙනි යන්ත්‍රය ස්ථාපිත කළේ අපේ පළාතේ. 1957 හංවැල්ල ගම්සභා කාර්යාලයේ මේ මංසන්ධියේ. අපේ උරුමය, ආඩම්බරය රටට කියන්න පුළුවන්කම රැකගෙන සාර්ථකව ගමින් ගමට මහජන සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගතයුතුයි. අප මේ මුහුණ දෙන අමාරු කාලපරිච්ඡේදයේ අඩු ආදායම්ලාභී ජනතාව බොහොම අමාරුවෙන් ජීවත්වන කාලයක්. ඒ අයගේ ජීවන තත්ත්වය අප උසස් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පනස්දහස දක්වා අලුත් ව්‍යාපාරිකයින් හැටියට කාන්තා පාර්ශවයට අතහිත දෙන්නට ජනාධිපතිතුමා අලුත් අවස්ථාවක් දැන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔවුන්ට අලුතෙන් ව්‍යාපාරිකයන් හැටියට ඉදිරිපත් වීමට වෙළෙඳ හෝ වේවා, නිෂ්පාදන හෝ වේවා, අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පරණ ණය කොයිතරම් තිබුනත් ඒවා ඉවත් කරලා ඉදිරිපත් වෙන කාන්තා ව්‍යවසායකයින්ට මේ අවස්ථාව හිමිවෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල කාන්තා ව්‍යවසායකයින්ට මේ අවස්ථාව හිමිවෙනවා. ඒවායෙන් ප්‍රයෝජනයට ගන්න. බය නැතුව ඉදිරිපත් වෙන්න. මේ ආර්ථිකයේ නිෂ්පාදනය කරන දෙයක් විකුණ ගන්න ඉඩකඩ තියෙනවා. මේ නිසා අලුතෙන් ඉදිරිපත් වෙලා ඒ කටයුතු සාර්ථක කර ගන්න. ප්‍රාදේශීය සභාවටත් විවිධ පුහුණු කිරීම් සඳහා අවස්ථාව තිබෙනවා. පාසලෙන් පිටවෙන තරුණ තරුණියන්ට සහ අළුත් රැකියාවක් හොයන හැම දෙනාටම පුහුණුවක් ලබා දෙන්න අපි රජයක් හැටියට බැඳී සිටිනවා. තරුණ පරම්පරාවගේ අනාගතය තියෙන්නේ වෘත්තීය ජීවිතයෙන් යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එස්. දිල්හානි ඇතුළු නිලධාරීන්, මහ ජනතාව මෙම අවස්ථාවට එක් වූහ.

Post Views: 17,891
Previous Post

DFCC බැංකුව ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ කාන්තා දින සැමරුමට අත්වැලක් වෙයි

Next Post

සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරනවා – ඇමැති මනුෂ

editor ttvnews

editor ttvnews

Next Post

සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරනවා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved