සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන “මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය” සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 27ක් පිරිනැමීමට සැලසුම් කර ඇති අතර, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10ක අඛණ්ඩ සේවා කාලයක් සහ වයස අවුරුදු 30ත් 60ත් අතර පසුවන නිවාස අවශ්‍යතාව සහිත විද්‍යුත්, මුද්‍රිත සහ වෙබ් මාධ්‍යවේදීන් සඳහා මෙමගින් සහනදායී මිලකට නිවාස ලබාදීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් හිමි සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට www.media.gov.lk වෙබ් අඩවිය හරහා අදාළ අයදුම්පත් බාගත කරගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 සැප්තැම්බර් මස 18 වැනි දිනට පෙර අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
















