• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍ය ආයතන රජයේ හොරණෑවක් නොවී ජනතාව වෙනුවෙන් වැඩ කරන්න – නව ජනමාධ්‍ය ලේකම්

17 August 2020
in දේශීය

රජයේ හොරණෑවක් නොවී සමාජ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය උදෙසා සියලු මාධ්‍ය ආයතන ක්‍රියාකළ යුතු බව නව ජනමාධ්‍ය ලේකම් ජගත් පී. විජේවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ‍අද (17) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කරමින්.

මාධ්‍ය තුළ යම් පිරිහීමක් දක්නට ලැබුණද ඒවා නිවැරදි කර සියලු මාධ්‍ය ආයතන ලාභ උපයන, ආර්ථික, අධ්‍යාපනික ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සහ සමාජ සංස්කෘතික යහපැවැත්ම සඳහා දායකත්වය සපයන තත්වයට පත්කළ යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

කැළණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හදාරා ඇති විජේවීර මහතා, ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.

සිය වෘත්තීය ජීවිතය තුළ රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක විවිධ ධූරයන් හොබවා ඇති ජගත් පී. විජේවීර මහතා නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙසද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙන්ම වෙනත් රාජ්‍ය ආයතන රැසකම සේවය කර අත්දැකීම් බහුල නිලධාරියෙකි. ජගත් පී. විජේවීර මහතා අවසන්වරට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) එච්. හේවගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීන් රැසක් ද සහභාගි විය.

 

Post Views: 12
Previous Post

හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් ඇතුළුව , පැය 24 තුළ බස්නාහිර පළාතේ 1662ක් අත්අඩංගුවට

Next Post

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙනවා – ඇමති විමල් පවසයි

editor

editor

Next Post

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙනවා - ඇමති විමල් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved