• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගෝස්තු අග වන විට ඖෂධ ගැටලුව විසඳෙයි – සෞඛ්‍ය ඇමති

29 July 2022
in දේශීය

ඉදිරි අගෝස්තු අග වන විට මෙරට ඖෂධ ගැටළුව බොහෝ දුරට විසඳෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජපන් ජනතාව විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක ඖෂධ හා උපකරණයන්හි පළමු තොගය අද (28) නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා (Mizukoshi Hideaki) හා යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර ගැනීමේ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලොව පුරා මිත්‍ර රටවල් සියල්ල පාහේ සහයෝගය දැක්වූ බවත් එම රටවල පරිත්‍යාගශීලීත්වයට ස්තූතිවන්ත වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. විශේෂයෙන් කලාපයේ සියලු රටවල් වඩා මිත්‍රශීලීත්වයකින් සහයෝගය ලබා දුන් බවත් ඒ අතරින් ජපානය ඉහළ මිත්‍රශීලීත්වයක් ලබාදුන් බවත් ඒ මහතා කීය. විශේෂයෙන් කොවිඩ් ව්‍යසන සමයේදී මෙන්ම වත්මන් අර්බුදකාරී තත්වයන් හමුවේ ලබාදුන් සහයෝගය අතිශය වැදගත් බවත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු වෙමින් පවතින සාකච්ඡා සාර්ථක බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඉකුත් සතිය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වකවානුවට වඩා පැහැදිලි ලෙස වර්ධනය වී ඇතැයිද ඉදිරි කාලය සියල්ල යහපත් මට්ටමකට වර්ධනය වනු ඇතැයිද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙන්නා සේ මෙම ව්‍යසනයන් හමුවේ ද සුවිශේෂී ජයග්‍රහණයක් ඇතිවිය හැකි යැයිද පැවසීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන සම්බන්ධිකාරක කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

Post Views: 15
Previous Post

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් අමාත්‍ය ඩග්ලස් ප්‍රධානත්වයෙන් විවෘත කරයි

Next Post

නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

editor

editor

Next Post

නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved