මෝල්ටාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන සේවා කණ්ඩායම් නිවේදනය කර තිබේ. අනතුරට පත් වූ තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ එම මුහුදු ප්‍රදේශයේ තිබූ ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන ඇත.
ඉතාලි වෙරළාරක්ෂක බලකායට අනුව, පුද්ගලයන් 60 දෙනෙකු පමණ රැගත් මෙම යාත්‍රාව ලිබියාවෙන් ගමන් ආරම්භ කර ඇති අතර, මෝල්ටාවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 45ක් පමණ දුරින්දී මෙලෙස අනතුරට ලක්ව තිබේ. අනතුර සැලවීමත් සමඟ රෝමය විසින් එම ප්‍රදේශයට මුර සංචාරක යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර, මුලින්ම මළ සිරුරු 10ක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. දිවි ගලවා ගත් පිරිස අතරින් 48 දෙනෙකුම ධීවර යාත්‍රාවක් විසින් බේරාගත් බව සඳහන් වේ.
උණුසුම් කාලගුණය ළඟාවීමත් සමඟ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා යන මුහුදු මාර්ගයේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සාමාන්‍යයෙන් ඉහළ යන අතර, මෙම අවදානම් සහගත මුහුදු සංචාරයේදී ඔවුන්ට හමුවන ආසන්නතම ගොඩබෑමේ ස්ථාන වන්නේ ඉතාලිය, මෝල්ටාව සහ ග්‍රීසියයි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කිරීමේදී කුඩා ළමුන් 14 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 827 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී තිබේ.
















