2026 ඔක්තෝබර් 21 වැනිදා සවස මීගලෑව පොලිස් වසමේ මීගලෑව–කත්නෝරුව මාර්ගයේ කරුවලගස්වැව ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 36 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කත්නෝරුව දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා මීගලෑව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා මීගලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














